FAST NEWS

24×7 Around the Globe

උප තැපැල් කාර්යාල රැසකට අන්තර් ජාල සම්බන්ධතා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපැල් දෙපාර්තමේන්තුව විසින් උප තැපැල් කාර්යාල 500 කට අන්තර් ජාල සම්බන්ධතා ලබා දීමට තීරණය කර තිබේ.

පාරිභෝගිකයින්ට ලබා දෙන සේවාව කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එමඟින් ආයතන රැසකට අයත් බිල්පත් ගෙවීම් කඩිනම් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.