FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිගේ උපදෙස් මත හමුදා උත්තමාචාරය නොපැවැත්වෙයි.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (03) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙන විට හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා වෙනුවෙන් සුදානම්කර තිබූ සම්මාන ආචාර වෙඩිමුර 21 ක සහ මග දෙපස සිදුකරන හමුදා ආචාරමය චාරිත්‍ර විධිවිධාන ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි සිදු නොකරන බවයි.

තවද ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සභාව කල් තබන අතර පසුව පස්වරු 1 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට නියමිතයි.

මිට අමතරව නව විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම සිදුකරන බවත් රංජිත් සොයිසා මහතාගෙන් අභාවයෙන් හිස්වූ අසුන වෙනුවෙන් වරුණ ලියනගේ මහතා හෙට දිවුරුම් දීමට නියමිත බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.