FAST NEWS

24×7 Around the Globe

UGC නව සභාපති ලෙස මහාචාර්ය සම්පත් අමරතුංගව පත් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබූ අතර ඔහු අද (02) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීමේ ලිපිය ලබාගත්තේය.

ඔහු මෙතෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළේය.