FAST NEWS

24×7 Around the Globe

දෙදෙනෙකුට දිවි අහිමි කළ ත්‍රිරෝද රථ අනතුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අම්බලන්තොට රුහුණු රිදියගමප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කළ අවුරුදු 27 සහ 28 වයස්වල පසුවූ තරුණයන් දෙදෙනෙක් මිය ගිය බව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.

අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.