FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පළමු සැසිවාරය හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නව පාර්ලිමේන්තු සභා වාරය හෙට (03) ආරම්භවීමට නියමිතයි.

නව සභාවාරය පෙරවරුවේ ආරම්භවීමෙන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේය.

පස්වරු 1ට පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භ වන අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඉන් අනතුරුව විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතව ඇත.