FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල බදවාගැනීම් 25% කින් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික විශ්වවිද්‍යාල තුළ පවතින භෞතික සහ මානව සම්පත් වඩා ප්‍රශස්ථ ලෙස කලමණාකරණය කර ගැනීම තුළින් මෙම වර්ෂය තුළදී විශ්වවිද්‍යාල තුළට බඳවා ගන්නා විද්‍යාර්ථීන්ගේ සංඛ්‍යාව පසුගිය වර්ෂයට වඩා 25 % කින් ඉහළ නැංවීමට වත්මන් රජයේ සැලසුම් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.