(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසිය විසින් ගාල්ල – කළුවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ සේවා ස්ථානයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවූ හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් බවයි පොලිසිය සඳහන් කළේය.
පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දිගු කලක් පුරා එම ස්ථානයේ සූදු ක්‍රිඩාවේ යෙදී ඇති බවද වාර්තා වේ.








