FAST NEWS

24×7 Around the Globe

ඉහළ ගිය සහල් මිල පහළ යන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල වෙළඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වන සහල් මිල ඉදිරි සතිය තුලදී පහල දැමීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. 

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හොරණ ඩිපෝවේ පැවති පොල් පැල සිටවීමේ වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන්.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සැලසුමක් අනුව සහල් මිල පාලනයට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, රාජ්‍ය ආයතනවල වෙනස්කම් සිදුකර ජනතා සේවය උපරිම අයුරින් ලබාදීමට ජනාධිපතිවරයා ගෙනයනු ලබන වැඩපිළිවෙලට සහය ලබාදිය යුතු බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.