FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා වසා දැමෙන පාසල්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුකෙරෙන පාසල් 84 න් 47 ක් හෙට (02) දිනයේදී පළමු අධ්‍යයන වාරය සඳහා විවෘත නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

එම පාසල් නව වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා දිනයේදීයි.

අනෙක් පාසල් 37 නියමිත පරිදි හෙට දිනයේදී විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.