(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනය, පෙරියතොට්ටම් ප්රදේශයෙන් මෙම කණගාටුදායක පුවත වාර්තා විය.
ලිප මත තිබූ බත් මුට්ටියේ ඇති කැඳ වතුර ඇඟට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ.
බරපතළ පිළිස්සුම් තුවාල ලැබු දැරිය යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දැරියකි.
මළ සිරුර යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.








