FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සබරගමුව පළාතේ සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි ඇති විය හැකි අතර, මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි බවට එම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.