FAST NEWS

24×7 Around the Globe

නව වසරට අස්ගිරි මහා නා හිමිගෙන් සුබ පැතුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

නව වසර සඳහා පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

එසේම“ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත්, වාසනාවන්නත වසරක් වේවා කියලා  ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. මේ රට විවිධ ජාතීන් ජීවත් වන විවිධ ආගම්වලින් යුක්ත රටක් කියෙන එක ඔබ අප සෑම දෙනාම දන්නවා.

ආගම් බේදයක් නැතුව ජාති බේදයක් නැතුව මේ රටේ ජනතාව බොහෝ කාලයක් සුහදත්වයෙන් ජීවත් වුණා. ඒ වගේම ඉදිරියටත් මේ ජාති බේද ඒ වගේම ආගම් බේද හැමදෙනාම එකම රටේ සහෝදර පිරිසක් හැටියට ජීවත් වෙනවානම් ඉතාම අගය කරන්න ඕනේ”. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසීය.