FAST NEWS

24×7 Around the Globe

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට විශේෂ ඒකකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණි ගඟ ආශ්‍රිත අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා වන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. 

බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එම ඒකකය ස්ථාපිත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.