FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල බඳවා ගැනීම් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ලබන වසරේදී විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අනිසි ලෙස රාජ්‍ය සම්පත් භාවිත කරමින් වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව පවත්වාගෙන යන ඩිප්ලෝමා සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.