FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධනයක් හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (31) දිනට පෙර අවසන් වන ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය හෙට සිට බලපැවැත්වෙන පරිදි අක්‍රිය කරන බව එහි කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැට් බදු ලියාපදිංචිය අක්‍රිය කරන ලද තැනැත්තන්ගේ තොරතුරු www.ird.gov.lk වෙබ් අඩවියට ඇතුළත් කරන බවයි.