ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාම යයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාම යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (31) දිනයේ තම සේවා දිවියෙන් විශ්‍රාම යනු ලබයි. 

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වර්තමානය වන විට සිටින දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ඔහුයි.

විජේගුණරත්න මහතාගේ විශ්‍රාම යාම වෙනුවෙන් ත්‍රිවිධ හමුදා සම්මාන මුරයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ඉදිරිපිට අද පෙරවරුවේ පැවති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සඳහන් කළේය.

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වසර 40 කට ආසන්න කාලයක් හමුදා සේවයේ නිරත විය.

1980 වසරේ නොවැම්බර් මස 01 වනදා ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වූ ඔහු 2015-2017 කාලය තුළ නාවික හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණය ඔහු විසින් ස්ථාපිත කිරීමෙන් නිර්මාණය කරන ලද්දක් වීම ද ඔහුගේ රාජකාරී දිවිය තුළ සිදුකරන ලද තවත් සුවිශේෂී දෙයකි.