FAST NEWS

24×7 Around the Globe

රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ (30) නියෝගයක් ද නිකුත් කළා.

 


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය සකච්ඡාව්වට මුදල් යෙදවූ බවට සැකකෙරෙන රූමි මොහමඩ්  රහස් පොලිසිය වෙත භාරවෙයි.

මීට ටික වෙලාවකට පෙර ඔහු කොළඹ රහස් පොලිස් මුලස්ථානය වෙත පැමිණ භාර වී ඇත.