(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (31)අලුයම කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ වරකාපොළ – දුම්මලදෙනිය ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙම අනතුර ත්රිරෝද රථයක් සහ ට්රක් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙනුයි සිදුවී ඇති බවට වාර්තා වේ.
අනතුරෙන් ත්රිරෝද රථයේ ගමන් කළ 4 දෙනාම මිය ගොස් ඇති අතර ඔවුන් ගුවන් හමුදාවේ සාමාජිකයන් බවට අනාවරණ වී තිබේ.
මිය ගිය පුද්ගලයින් කහටගස්දිගිලිය, බල්ලපාන සහ කොස්ගම යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.








