(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප්රැන්සිස් ඇප මත මුදාහැර තිබේ.
ඒ අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්රාත්වරිය නියෝග කළේය.
පසුගිය නොවැම්බර් 25 වනදා ගානියා බැරිස්ටර් මහත්මිය පැහැරගෙන ගොස් තර්ජනය කර මුදාහැරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකෙරෙන විමර්ශණයට අදාලවයි ඇය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේ.








