(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ උද්‍යාන සතුන් සඳහාම විශේෂිත සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක් ඉදිකර තිබේ.
මහල් 2කින් යුත් එම රෝහල ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බව ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ සඳහන් කළේය.
”ග්‍රැන්ටිය” නමින් හඳුන්වන දරුණු ආබාධවලට ලක් වූ සතුන් රෝහල තුළ රැගෙන යෑම සහ එසවීම සඳහා විශේෂිත යන්ත්‍රයක් ද එහි ස්ථාපිත කර තිබේ.
මෙරට ප්‍රථම ග්රැන්ටි යන්ත්‍රය එය වන අතර විවෘත කිරීමෙන් අනතුරුව රෝහල නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.








