(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාතලේ – උකුවෙල – ගුරලවෙල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිදුවු මෙම අනතුරින් එකම පවුලේ , මව, පියා සහ ලේලිය මියගොස් පත්ව ඇති බවට වාර්තා වේ.
පියා රා මැදීම සඳහා ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු පිළිබඳ සොයාබැලීම සඳහා බිරිඳ, දියණිය සහ ලේලිය ගොස් ඇති අතර එම අවස්ථාවේදීයි මොවුන්ට විදුලි සැර වැදී තිබේ.








