FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛණ අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන අද (30) සිට නිකුත් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

ඒ අනුව ප්‍රතිඑල ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ අදාල විභාග සහතිකය ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙවර ඔන්ලයින් ක්‍රමය හරහා ද ප්‍රතිඵල ලේඛනය ලබාගැනීමට හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.