(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොළොන්නරුව,රවුම්පාර ප්‍රදේශයේ පිහිටි සංචාර නිකේතනයක් ආසන්නයේ නවතා තිබූ වාහන 04 කට කිසියම් පිරිසක් විසින් පහරදී ඇති බව පොලිසිය පවසයි.
එම සංචාරක නිකේතනයේ හිමිකරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක මධුෂංක ජයවික්‍රම චෝදනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මින්නේරියේ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි සූරියආරච්චි ඇතුළු පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.








