(ෆාස්ට් නිව්ස් | කොළඹ) –ආනයනය කරන ලද නව දුම්රිය කට්ටල 8ක් අද (29) දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.
එම දුම්රිය කට්ටල ලබන ජනවාරි මස මුල් සතියේ සිට ධාවනයට එක් කෙරෙන බවයි දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.
මීට අමතරව භික්‍ෂූන් වහන්සේ ඇතුළු පූජ්‍ය පක්‍ෂය සඳහා දුම්රිය ස්ථානවල පවතින පහසුකම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන අතර එම පාර්ශ්වයට අවශ්‍ය පහසුකම් සලසන ලෙස තමන් දුම්රිය බලධාරීන් වෙත උපදෙස් දී ඇත.








