FAST NEWS

24×7 Around the Globe

සිමෙන්ති සඳහා අති විශේෂ ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල සදහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමක් සඳහා වන උපරිම සිල්ලර මිල රුපියල් 1005ක් ලෙස සඳහන් කර ඇත.

සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරට ඇසුරුම් ගත කරනු ලබන සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක ඇසුරුමෙහි උපරිම සිල්ලර මිල රුපියල් 950 කි.

ඇසුරුම්ගතව ආනයනය කරන සිමෙන්ති රුපියල් 930 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බව අදාල චක්‍රලේඛයේ සදහන් වේ.

එමෙන්ම කිසියම් නිෂ්පාදකයෙකු, ආනයනකරුවෙකු, අසුරන්නෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම, අලෙවිය සඳහා ඉදිරිපත් කිරීම සහ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවත්  අදාල  ගැසට් නිවේදනය මඟින් සඳහන් කර ඇත.