FAST NEWS

24×7 Around the Globe

මෙවර අපේක්ෂකයන් 181,126 ක් සරසවි වරම් ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (27) රාත්‍රියේ නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රථීඵල අනුව අපේක්ෂකයන් 181,126 දෙනෙකු සරසවි ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා තිඛෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

මෙවර විභාගය සදහා පෙනී සිටි අයදුම්කරුවන් 71 දෙනෙකුගේ ප්‍රථීඵල අත්හිටුවා ඇති අතර , නැවත සමීක්ෂණ අයදුම්පත් ලබන 17 වන දිනට පෙර යොමු කල යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48 ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා අද (28) සිට www.doenets.lk යන වෙබ් ලිපිනය ඔස්සේ අයදුම් කළ හැක.

මීට අමතරව විදේශගතව සිටින පදිංචිකරුවන්ගේ ලිපින වෙතටද එම සහතික පත්‍ර ඊ.එම්.එස්. සේවාව ඔස්සේ ගෙන්වා ගැනීමේ පහසුකම් සළසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.