FAST NEWS

24×7 Around the Globe

දෙමළ සන්ධානයේ සාකච්ඡාව ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර සාකච්ඡාව ආරම්භ වී තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේය.