(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පෙනී සිටිමින් මොරටුව ප්‍රසිද්ධ විදුහලක විදුහල්පතිවරයෙකුට තර්ජනය කළ පුද්ගලයා අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන ආකාරයට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැණ තර්ජනය කර පහරදීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
11/9 ශාන්ත සෙබෙස්තියන් මාවත, මොරටුව යන ලිපිනයෙහි පදිංචි අයෙක් වන මොහු ශ්රීයානන් තිස්ස ද අල්විස් නමැත්තෙකි.
හමුදා සේවයෙන් යුතුව විශ්‍රාමික මෙම පුද්ගලයා හෙට (28) මොරටුව උසාවියට ඉදිරිපත් කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.








