රුදුරු සුනාමියට අදට වසර 15 යි

රුදුරු සුනාමියට අදට වසර 15 යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 15 ක් ගතවී ඇත.

2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමි ව්‍යවසනයෙන් ජීවිත 35,000 ක් පමණ අහිමි කරමින් දේපළ රැසක් අහිමි කළ අඳුරු දිනයකි.

එය ලෝක වසී ජනතාවට මෙන් ම ශ්‍රී ලංකාවසී ජනතාවට අමතක කළ නොහැකි මහා ඛේදවාචකයක් වන අතර , මෙම සිදු වීමෙන් පන්දහසකට අධික පිරිසක් ද අතුරුදහන් වූ අතර ශ්‍රි ලංකාවේ වෙරළ කලාපයට දැඩි බලපෑමක් එල්ල කළේය.

අද (26) පෙ.ව. 9.25 සිට 9.27 දක්වා සුනාමි ව්‍යවසනය අනුස්මරණය කිරීම සඳහා නිහඬතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.