(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (26) දිනයේ දී විරල ගණයේ වළයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
වසර 10 කට පසු ඇතිවන මෙම දුර්ලභ අවස්ථාව පැහැදිලිව උතුර පළාතට නිරීක්ෂණය වන අතර, එය පෙරවරු 8. 9 ට ආරම්භ වී 11.21 ට අවසන්වීමට නියමිතයි.
අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ආරම්භ වන මෙය වලයාකාර පූර්ණ සූර්යග්‍රහණයක් ලෙස දිස්වන්නේ විනාඩි 3ක කාලයක් පමණයි.








