FAST NEWS

24×7 Around the Globe

නව රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී සිදුව ඇති වංචාවන් සෙවීමට කොමිසමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ සිදුව ඇතැයි පැවසෙන වංචාවන් සෙවීමට ස්වාධීන කොමිසමක් පත්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. 

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අදාළ ක්‍රියාවලිය හදුන්වාදුන් අතර , එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා පරිඝනක පද්ධතියක් සහ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ගිවිසුම් කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම හා එම පද්ධතිය දෙපාර්තමේන්තුවට අත්පත් කර ගැනීම යන කාරණයට අදාළව පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුව ලබාදී තිබුණි.