ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වීම ඉහළට

ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්ත වීම ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා වෛරස් රෝගී තත්ත්වය පිළීබඳව වැඩි අවධානය යොමු කළ යුතු බවත් , මෙම රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අගවයි. 

විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.