(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මාතර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජස්ටින් ගලප්පත්ති මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට 68 වන වියේ පසු වූ ඒ මහතා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාප්රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතියෙකු කියා සිටියේය.








