FAST NEWS

24×7 Around the Globe

පළවනදා සිට ත්‍රීරෝද රථ ගාස්තු පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනවාරි 01 වැනි දින සිට සිය ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කරයි. 

රජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රීරෝද රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව එම සංගමය ප්‍රකාශ කරයි.