FAST NEWS

24×7 Around the Globe

අද සිට විශේෂ දුම්රිය සේවාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාසල් නිවාඩුව සහ නත්තල් සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව අද (24) සිට ආරම්භ වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 

ඒ අනුව අද දිනයේදී කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙනු ඇත.

ඒ අනුව ලබන 27 සහ 29 දින දෙක තුලද රාත්‍රී 07. 35 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට ද , එම දිනවල රාත්‍රි 8.30 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වාද විශේෂ දුම්රියක් ධාවනය කරවීමට ද සැලසුම් කර තිබේ.

අයහපත් කාළගුණය හේතුවෙන් අත්හිටුවා තිබූ මඩකලපුව සහ ත්‍රීකුණාමලය අතර දුම්රිය ධාවනය අද (24) යළි ආරම්භ වෙයි.