FAST NEWS

24×7 Around the Globe

කටුනායක අවට ප්‍රදේශයේ විශේෂ වාහන සැලැස්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය සහ ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් අද (23) සිට ක්‍රියාත්මක  කර ඇති බව එහි කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ එකතුව මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.