(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට සහ පොළොන්නරුව හා ත්‍රිකුණාමාලය දිස්ත්‍රික්කවලට ඉදිරිපැය 24 තුළ මිලිමීටර් 100කට වැඩි වර්ෂාවක් අපේක්ෂා කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ පහක් සිදු වී ඇති බව ද එම මධ්‍යස්ථානය පවසයි.








