(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මාතලේ මහනගර සභාවේ අයවැය අද (23) දෙවන වරටත් පරාජය වී තිබේ. ඒ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ 2020 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එය පළමුවරට පරාජයට පත්වූයේ පසුගිය 18 වනදායි. අද දිනයේ අයවැයට විපක්ෂව ඡන්ද 10 ක් ලැබී ඇති අතර, පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 07 ක් පමණයි.








