FAST NEWS

24×7 Around the Globe

අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අද (23) සිට ක්‍රියාත්මකවන පිරිදි අඩු කිරීමට කටයුතු කර ඇත. 

ඒ, එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්ය.

ඒ අනුව මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු අඩු කිරීමට නියමිතය.

එහිදී මීගමුව සිට මාතර දක්වා නව ගාස්තුව රුපියල් හත්සියක් දක්වා අඩුවේ.

මීට පෙර එම ගාස්තුව රුපියල් 720කි. මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් 630 ක් වන බස්ගාස්තුව රුපියල් 600 ක් දක්වා අද සිට අඩුවනු ඇති බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.