අවතැන් වූවන් පිළිබඳ සොයාබැලීමට ජනපති අනුරපුරයට

අවතැන් වූවන් පිළිබඳ සොයාබැලීමට ජනපති අනුරපුරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අධික වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 

මෙහිදී අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අදාළ සහන කටයුතු අදියර දෙකක් යටතේ ක්‍රියාවට නංවා තිබේ. ආපදා අවස්ථාවේ දී ලබාදිය යුතු සහන පිළිබඳ මෙන්ම ආපදාව පහව යාමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ ඊට අයත්ය. මේ කටයුතුවලදි රජය ඉතා වගකීමෙන් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.