FAST NEWS

24×7 Around the Globe

ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන්  ගොඩදොර ඇල සහ කිරිඳිඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට තාවකාලිකව ඉවත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි. 

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කිරිඳිඔය මේ වනවිටත් ස්ථාන කිහිපයකින් පිටාර ගලමින් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි.

පවතින තත්වය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය අමතා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බව ද එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.