FAST NEWS

24×7 Around the Globe

මීනගයා දුම්රිය අද ධාවනය නොකෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් කොටුව සිට මඩකලපුව අතර සහ කොටුව සිට පොළොන්නරුව අතර ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය 03 ක් අවලංගු කර තිබේ.

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා රාත්‍රී 7 ට ධාවනය කිරීමට නියමිත මීනගයා දුම්රිය අද ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊට හේතුව කැකිරාව සහ අනුරාධපුරය අතර මොරගොල්ලාගම ප්‍රදේශයේදී අයහපත් කාලගුණයත් සමඟ දුම්රිය මාර්ගය අවහිර වීම බවයි.

අදාළ අවහිර වීම යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.