FAST NEWS

24×7 Around the Globe

පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳසැල් පරික්ෂාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රි ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳසැල් වල වැටලීම් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිදු කළ වැටලීම්වලදී වෙළෙඳ සැල් 1430ක් පරීක්ෂාවට ලක්වූ අතර පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 512ක් හඳුනාගත් බව පොලිසිය නිවේදනය කරයි.

හඳුනාගත් පාලන මිල කඩ කළ වෙළෙඳ සැල් 89කට නඩු පවරනු ලැබීය. කලින් දවසේ හඳුනාගත් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කොට ඔවුනට අවවාද කෙරිණි.

පාරිභෝගික අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස ගැසට් මගින් නිවේදනය කළේය.