FAST NEWS

24×7 Around the Globe

මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනපතිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත හා අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ (20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ එම කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බවයි.

බැටික්ලෝ කැම්පස් සම්බන්ධව කාරක සභාවේ වාර්තාව 2019 ජූනි 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය ඉන් අනතුරුව ඒවකට පැවති අමාත්‍ය මණ්ඩලය වෙතද ඉදිරිපත් කරන ලදී.

කාරක සභාව විසින් එහිදී නිර්දේශ කර තිබුණේ ආරක්ෂක තත්ත්වය සලකා බලා මෙම ආයතනයේ මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, බලයෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම ආදි සියල්ල නීතිවිරෝධී බව තහවුරු වන නිසා හදිසි නීතිය යටතේ වහාම රජයට පවරා ගැනීමටයි.