FAST NEWS

24×7 Around the Globe

දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා ආරක්ෂාව තර කිරීම සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය උපදෙස් ලබාදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එළඹෙන දෙසැම්බර් නත්තල් උත්සවයට සමගාමීව කතෝලික ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථාන ඇතුළු රටම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පූජනීය ස්ථාන, පොදු ස්ථාන, සාප්පු සංකීර්ණ ඇතුළු මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

උත්සව සමයේ ආරක්ෂාව ශක්තිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පසුගිය සති 2 තුළ සිට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අමතර භට පිරිස් අනුයුක්ත කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.