(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) කොළඹ මහාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ තවත් පුද්ගලයෙකුට අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවරා ඇති නඩුව තවදුරටත් විභාගයට ගත නොහැකි බව තීරණය කළේය.
මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් විත්තිකරුවන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයදුම්පතෙහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම තීරණය ගෙන තිබේ.
විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේ අනුමැතියෙන් තොරව මෙම නඩුව ගොනු කර ඇති බවට මෙම ප්‍රතිශෝධන අයදුම්පත කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබුණි.
මෙම නඩුව කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයාව සිටිය අවධියේදී ඔහු පෞද්ගලික දුරකථන බිල රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවූ බවට චෝදනා කරමින් පවරා තිබූ අතර, එහි සැකකරුවෙකු ලෙස රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අමතරව නම් කර තිබුණේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ එවකට හිටපු සභාපති ජයම්පති හීන්කෙන්දයි.








