FAST NEWS

24×7 Around the Globe

වාරියපොල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාරියපොල බන්ධනාගාරය තුළ අද (20) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

තවත් රැඳවියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මෙලෙස ගිනි අවියක් රැඳවියෙකු අතට පත්වූයේ කෙසේද යන්න සෙවීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.