කලාවැව අවට පහත්බිම්වල ජනතාවට ඉවත් වන්නැයි දැනුම්දීමක්

කලාවැව අවට පහත්බිම්වල ජනතාවට ඉවත් වන්නැයි දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පවතින අයහපත් කාළගුණය හේතුවෙන් තලාව , තඹුත්තේගම , ඉපලෝගම හා ගල්නෑව ප්‍රදේශවල පදිංචි ජනතාවට කලාවැව දෙපසින් තාවකාලිකව ඉවත් වන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ. 

මහවැලි ගගේ ජලයෙන් විශාල ප්‍රමාණයක් කළා වැවට ගලා බැසීම හේතුවෙන් එය පිටාර මට්ටමට ආසන්න වීම ඊට හේතුව බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ අතර පවතින අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයක් ද අවහිර වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය.