FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (20) පස්වරුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යළි සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතයි.

ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී එම කොමිෂන් සභාවේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබුවේය.

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය.