FAST NEWS

24×7 Around the Globe

ස්විස් සිද්ධිය පිළිබඳ සොයා බැලීමට එරට නිලධාරියෙකු දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු , ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්ත තානාපති ජොග් ෆ්‍රිඩෙන් දිවයිනට එවීමිට කටයුතු කරන බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක සිද්ධිය පිළිබඳව පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ නායකත්වය යටතේ පැහැදිලි කිරීමේ හැකියාව සොයා බැලීමට හැකි බවද නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එරට විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාස්සිස් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයන් දුරකථන සංවාදයක් ද පවත්වා ඇත.